“ආලෝචනා” - කතාබහ 28 | “Alochana” - Kathabaha 28
“ආලෝචනා” | “Alochana”
මේ සතියේ කතාබහ තුලින්, අපගේ ආචාර්‍ය මණ්ඩලයේ දිනිල් අබේගුණවර්ධන, පියදාස රත්නසිංහ සහ හේමන්ත අරුණසිරි යන මහත්වරු, ජුනි මස 6 වන දා ජනගත වීමට නියමිත “ආලෝචනා” අන්තර්ජාල සඟරාව ගැන කතාබහක යෙදෙති…
In this episode, our faculty members Dinil Abeygunawardena, Piyadasa Ratnasinghe & Hemantha Arunasiri speak about the online magazine “Alochana”, which will be launched on the 6th of June.
Institute of Multimedia Education (IME) ආයතනය මගින් ප්‍රකාශනයට පත්කරන ‘ආලෝචනා’ අන්තර්ජාල සඟරාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනූෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2019 ජූනි මස 6 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.30 ට කොළඹ 7 නිදහස් මන්දිරයේ දී එළි දැක්වීමට කටයුතු යොදා ඇත. මෙහි මුඛ්‍ය දේශනය පවත්වනු ලබන්නේ මහාචාර්ය කෝලිතභානු දිසානායක මහතාය.
ශ්‍රී ලංකාව තුල ප්‍රකාශනයට පත් වෙන ගුණාත්මක බවින් ඉහල සඟරා, වාර ප්‍රකාශන සහ පුවත්පත් අතිරේකයන්ගේ හිඟ බවද, පාසල් විෂය නිර්දේශයෙන් සාහිත්‍ය විෂය ඈත්වීම, විභාග ඉලක්ක කොටගත් අධ්‍යාපන රටාව ආදී හේතු නිසා, කියවීමේ රුචිකත්වය අවම මට්ටමකට පත්වී ඇත.
තාක්ෂණය දියුණු වර්තමානය දත්ත වලින් පිරී ඇති මුත්, එම දත්ත ප්‍රයෝජනවත් තොරතුරු සහ දැණුම ලෙස තෝරා බේරා සිංහල මාධ්‍යයෙන් ඉදිරිපත් කිරීමේ හිඟ කම නිසා දැනුම්වත් භාවයෙන්, පිපාසාවෙන් පෙලෙන නූතන ඒකභාෂික පාඨකයින්ට පරිශීලනය කළහැකි හරවත් ප්‍රකාශනවල ඌනතාවයට පිළිතුරක් ලෙස, එම තාක්ෂණයම පදනම් කරගත් ප්‍රබලම සහ ජනප්‍රියතම සන්නිවේදන මාධ්‍යය වූ අන්තර්ජාලය හරහා ආලෝචනා සඟරාව එලි දැක්වීමට IME ආයතනය කටයුතු යොදා ඇත.
අපගේ ළමා හා තරුණ පරපුර සිය තාක්ෂනික මෙවලම් මඟින් අනිසි ක්‍රියාකාරකම් වලට යොමු වන්නේ යැයි අද වැඩිහිටියන් විසින් චෝදනා නගමින් සිටියි. ඔවුන් ඒ සඳහා ඇදී යන්නේ මෙම ඒක භාෂික පරපුර වෙනුවෙන් අපගේ සමාජ වෙබ් අඩවි විසින් ඔවුන්ට වේදිකාවක් නිර්මාණය කොට නොමැති බැවිනි. මේ නිසා මෙම හිඩැස පුරවමින් ඔවුන්ගේ කියවීමේ හැකියාව වර්ධනය කිරීමටත් අවශ්‍ය දැනුවත් භාවය ලබා දීමටත් අපි මෙ මගින් උත්සහ කරමු.
මෙම අන්තර්ජාල සඟරාව එළිදැක්වීමේ මූලික අභිමතාර්ථය පහත පරිදිය;
- මානව ශාස්ත්‍ර විෂය ක්ෂේත්‍රයට අදාළ ව නිවැරදි දැනුම, නිවැරදි ශාස්ත්‍රීය අධීක්ෂණයක් යටතේ පොදු ජනතාවට බෙදා හැරීම සඳහා ශාස්ත්‍රීය ලිපි, වීඩියෝ, හඬපට ඉදිරිපත් කළ හැකි නූතන තාක්ෂණය හා අත්වැල් බැඳගත්, ජංගම උපාංග වලින් පහසුවෙන් පරිශීලනය කළ හැකි අන්තර්ජාල වේදිකාවක් නිර්මාණය කිරීම
- දිවයින පුරා සිදුවන විවිධ සංස්කෘතික කටයුතු, කලා කටයුතු සියල්ලක්ම පහසුවෙන් සොයාගත හැකි අන්තර්ජාල අවකාශයක් නිර්මාණය.
- සංස්කෘතික කලා කටයුතු වලට සම්බන්ධ විවිධ පුද්ගලයන්ට, ආයතන හා සේවාවන්හි දත්ත ඇතුලත් සුචියක් සකස්කර, අන්තර්ජාලය හරහා දැකගැනීමට අවස්ථා සැලසීම.
අන්තර්ජාලයේ සිංහල මාධ්‍යයෙන් ඇති ශාස්ත්‍රීය ප්‍රකාශනවල ඌනතාව මඟහරවා සිංහල මාධ්‍යයෙන් තොරතුරු පරිශීලනය කරන පිරිසට, වියත් ලේඛක ලේඛිකාවන්ගේ සහ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණ කරුවන්ගේ ලිපි ලේඛන, ශ්‍රව්‍ය දෘශ්‍ය ප්‍රකාශන ඉදිරිපත් කරමින් දැනුවත් ප්‍රේක්ෂක/ පාඨක පිරිසක් බිහි කිරීම උදෙසා, අය කිරීමකින් තොරව ආලෝචනා ඉදිරිපත් කෙරේ.
ආධුනික ලේඛක ලේඛිකාවන්ගේ නිර්මාණ සහ අනෙකුත් ලේඛන සඳහා ඉඩක් වෙන්කර දීමට ද අපේක්ෂා කරමු.
Institute of Multimedia Education
7/2/4, කිරුලපන මාවත,
කොළඹ 05.
Visit Alochana Here:
Kathabaha is brought to you by
Advanced Certificate Course in Photography by IME - The most comprehensive photography course in town, taught by the most capable faculty
SagePixels - The Web Publisher
Hosts
Credits
Script/Director: Dinil Abeygunawardane
Camera: Suneth Keerthinayaka & Kavindu Perera
Editor: Suneth Keerthinayaka
Production Assistance: Deshan Karunarathna
Kathabaha is produced by the Institute of Multimedia Education