ඡායාරූපකරණය පිලිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව
හැඳින්වීම
- ඔබගේ ඡායාරූපකරණයට සවිමත් සහ විද්‍යාත්මක පදනමක්
- නිවැරදි දැනුම සහ විද්‍යාත්මක පදනමක් හරහා සැබෑ ශිල්පීය නිපුනතාවට එළඹුමක්
- ඔබ නවකයෙක් නම් අපි ඔබට සවිමත් පදනමක් තනා දෙන්නෙමුඔබට යම් පළපුරුද්දක් ඇත්නම් අපි ඔබගේ සදොස් පුරුදු නිවැරදි කර ඔබගේ පදනම සවිමත් කරන්නෙමු
- මේ සියලු ඔබට ගෙන එම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ආචාර්ය මණ්ඩලය අප සතුය
පාඨමාලා කාලය
- සැසිවාර 24 (පැය 60කට අධික දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්)
- ක්‍ෂේත්‍ර සැසිවාර
- පැවරුම් සහ අපේක්ෂිත නිපුණතා නිර්දේශ සඳහා මෙම පිටුවට පිවිසෙන්න
පාඨමාලාව පිලිබඳ විස්තර
- ශිල්පයේ සියලු අංශ පිලිබඳ ප්‍රයෝගික පුහුණුව
- දැනුම සහ ශක්‍යතා ක්‍රමානුකූලව ගොඩනැගීම සඳහා විද්‍යාත්මක ඉගැන්වීම
- ආලෝකකරණය සහ ආලේක්‍ය ඡායාරූපකරණය ගැන විශේෂ සැසිවාර
- ක්‍ෂේත්‍ර සැසිවාර
- IME ආචාර්ය මණ්ඩලය සමග විශේෂ ක්‍ෂේත්‍ර සැසිවාරයක්
- බහුමාද්‍ය අන්තර්ක්‍රියාකාරී පන්ති
- ඡායාරූප දහයක පත්දරුවක් පාඨමාලාව අවසානයේ ඉදිරිපත්කල යුතුය
- 85% කට වඩා සහභාගිත්වයක් ඇති සිසුනට, සහභාගිත්ව සහතිකයක්
- ඡායාරූපකරණය පිලිබඳ උසස් සහතික පත්‍රය පත්දරුව (Portfolio) මත පදනම් වූ සම්මුඛ සාකච්ඡාව සමත්වන සිසුන්ට පිරිනැමේ (85% පැමිණීම මේ සඳහා අනීවාර්ය වේ)
ඉලක්ක සිසුන්
- ඡායාරූප ශිල්පය ශක්තිමත් පදනමක් මත ආරම්භ කිරීමට බලපොරොත්තු වන ඕනෑම කෙනෙකුට
- තමාගේ දැනුම විධිමත් ලෙස සකසා ගැනීමට කැමති පළපුරුදු ඡායාරූප ශිල්පීන්ට
කාල සටහන
- මීළඟ පාඨමාලාව 2022 අප්‍රේල් 23 වන සෙනසුරාදා ප.ව. 3ට ආරම්භ වීමට නියමිතය
- ඉංග්‍රීසි මාධ්‍ය පාඨමාලාව සඳහා මෙහි පිවිසෙන්න
අවශ්‍ය උපකරණ
- කාච විවරය, ද්වාර වේගය සහ ISO අගය වෙනස් කල හැකි කැමරාවක්
- Adobe Lightroom සහ Photoshop ස්ථාපනය කාරන ලද පරිගණකයක්
- ආලෝකකරණය පිළිබඳ පාඩම් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනිම සඳහා විද්‍යුත් ක්‍ෂණිකාලෝකයක් හෝ නිරන්තර ආලෝක ප්‍රභවයක් තීබීම ප්‍රයෝජනවත් වේ
රූප හරහා සන්නිවේදනය
- හොඳ ඡායාරූපයක් යනු කුමක්ද
- හොඳ ඡායාරූපයක සංඝටක
සංවේදක හා පටල
- සංවේදක හා පටල වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම
කැමරාව
- කැමරාවේ කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය
- කැමරාව නිරවද්‍ය ලෙස සහ ඵලදායී ලෙස භාවිතය
- කැමරා උපකරණ නඩත්තුව සහ ගබඩා කිරීම
කාච
- කාච වර්ග
- ක්‍ෂේත්‍ර ගැඹුර
- කාච භාවිතය
- අවශ්‍යතාවය අනුව කාච තෝරා ගැනීම
- විශේෂ කාච වර්ග
- කාච නඩත්තුව සහ ගබඩා කිරීම
අනාවරණය
- අනාවරණයේ සෛද්ධාන්තික පදනම
- නිවැරදි අනාවරණය
- අනාවරණ පාලනය
- ආලෝකය මැනීම කැමරාවේ ආලෝක මානකය අවබෝධ කරගැනීම
- නිර්මාණාත්මක ලෙස අනාවරණය පාලනය
රූප සංරචනය
- රූපයක් සිත්ගන්නාසුලු වන්නේ කුමක් නිසාද
- වස්තු සංරචනය පිලිබඳ රීති සහ ඒවායේ විද්‍යාත්මක පදනම
- සම්ප්‍රධායන්
- රූප සංරචනය පිළිබඳ අභ්‍යාස
පසුසැකසුම/ පරිගණක සහ ඡායාරූපකරණය
- පසු සැකසුම පිළිබඳ සිද්ධාන්ත
- Adobe Lightroom භාවිතයෙන් පසු සැකැසුම
- ඡායාරූප/ දත්ත ආරක්ෂාකාරීව ගබඩා කිරීම
- Photoshop භාවිතයෙන් පසු සැකසුම
ආලෝකකරණය
- ආලොකකරණයේ සිද්ධාන්ත
- ආලෝකකරණ විධි ක්‍රම
- විවිධ වස්තූන් ගැලපෙන පරිදි ආලෝකමත් කිරීම
- ක්‍ෂණිකාලෝක භාවිතය
- ස්වාභාවික ආලොකය භාවිතය හා උපාංග භාවිතයෙන් අවශ්‍ය පරිදි වෙනස් කිරීම
- ආලේක්‍ය ආලෝකකරණය
වර්ණ කළමනාකරණය
- වර්ණෝත්පාදනයේ පදනම
- වර්ණ කළමනාකරණයේ වැදගත්කම
- පරිගණක තිරය ක්‍රමාංකනය කිරීම
- මුද්‍රණයේදී සංගත වර්ණ ලබාගැනීමට භාවිතා කළයුතු විධික්‍රම
- වර්ණ රසායනාගාර වලින් සෑහිමකට පත්විය හැකි මට්ටමේ මුද්‍රිත ඡායාරූපයක් ලබාගැනීමට අනුගමනය කල යුතු විධික්‍රම
රූප කියවීම සහ නිමැවුම
- දෘශ්‍ය සන්නිවේදනයේ මූලික සංකල්ප
- රූප සාක්ෂරතාව වැඩිදියුණු කරගැනීම
- විවිධ මාධ්‍ය උදෙසා රූප නිමැවුම
- මුද්‍රිත ඡායාරූප ප්‍රදර්ශණය
- ප්‍රශස්ත සන්නිවේදනයක් උදෙසා ප්‍රදර්ශණ වට පිටාව
ප්‍රායෝගික ක්‍ෂේත්‍ර අභ්‍යාස
- සෛධාන්තික දැනුම ක්‍ෂේත්‍රයේදී ප්‍රායෝගිකව භාවිතා කිරීම
- ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය ශිල්පීන් සමග අභ්‍යාසයේ යෙදීමට අවස්ථාව
අධ්‍යාපන සුදුසුකම්
- අදාළ නැත
පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම
- IME මගින් පවත්වන අනිකුත් සියළු පාඨමාලා වලදී මෙන්, පන්ති කාමරයේ ගත කරන සෑම පැයක් වෙනුවෙන්ම, තමා තනිවම පැය 2 - 2.5 ක කාලයක් වැය කල යුතුය.
- පාඨමාලාවෙන් උපරිම ප්‍රයොජනය ලබාගැනීම සඳහා සෑම පන්ති වාරයකටම සහභාගි වීම වැදගත්වේ.
- සහභාගිත්ව සහතිකය පිරිනමන්නේ 85% වඩා සහභාගීත්වය ඇති සිසුන්ට පමණි.
බඳවාගැනීම් ක්‍රමවේදය
- එක් කන්ඩායමකට බඳවාගන්නේ සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි.
- සිසුන් අයදුම්කරන පිලිවෙල අනුව ප්‍රමුඛතාවය තීරණය කරනු ලැබේ.
- සිසුන් විසින් පාඨමාලා ගාස්තුව ගෙවා තම ස්ථානය වෙන්කරවා ගත යුතුය.
ගෙවීම්
- පාඨමාලා ගාස්තුව: රු. 48,000.00
- ලියාපදිංචි වීමේ ගාස්තුව: රු. 1500.00
- මුළු මුදල: රු. 49,500.00
5% ක වට්ටම
- පාඨමාලාව ඇරඹීමට සති දෙකකට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවන සිසුන්ට 5% ක වට්ටමක් පිරිනැමේ.
- වට්ටමෙන් පසු ගාස්තුව රු 47,100.00
පහසු ගෙවීමේ ක්‍රමය
- පළමු වාරිකය රුපියල් රු 25,500.00
- දෙවන වාරිකය 24,000.00
- දෙවන වාරිකය 09 වන සතිය ආරම්භයට පෙර ගෙවිය යුතුය (ප්‍රමාද ගාස්තු අය කරණු ලැබේ).
ගෙවීමේ ක්‍රම
- ගාස්තු IME ආයතනයේ බැංකු ගිණුමට බැර කල යුතුය.
- ගාස්තු ගෙවීමට පෙර ලියාපදිංචි අංකයක් ලබාගත යුතුය.
- ලියාපදිංචි අංකය, බැංකු බැරපතේ පැහැදිලිව සඳහන් කල යුතුය.
- ලියාපදිංචි අංකය, පහත දුරකථන අංක අමතා හෝ විද්‍යුත් තැපෑල මගින් ලබාගත යුතුය.
දුරකථන අංක
- 077 415 1065
-
විද්‍යුත් තැපෑල: info@ime.edu.lk