ඡායාරෑපකරණය පිලිබඳ මූලික නිපුණතා පාඨමාලාව

 

Select Language / භාෂාව තෝරාගන්න

පාඨමාලා ආරම්භය

2016 පෙබරවාරි 18 වෙනි බ්‍රහස්පතින්දා සවස 6:00 සිට 8:00 දක්වා
ස්ථානය: රාජකීය විද්‍යාල නිපුණතා වර්ධන මධ්‍යස්ථානය (Royal College Skills Centre)

කෙටි හැඳින්වීම

  • කැමරාවේ ප්‍රායෝගික භාවිතය
  • ඡායාරූප ශිල්පයේ මූලික සිද්ධාන්ත පිළිබඳ විද්‍යාත්මක දැනුම
  • පවත්නා ආලෝකය භාවිතය සහ විද්‍යුත් ක්ෂණිකාලෝක භාවිතය පිලිබඳ දැණුම 
  • විවිධ අවස්ථා, වස්තූන් සහ දර්ශන ඒවාට සුදුසු අයුරින් ඡායාරූප ගත කිරීම
  • ඉදිරිපත් කිරීමට සුදුසු ලෙස ඡායාරූප පසු සැකැස්ම
  • ඡායාරූප නරඹන්නාට ඉදිරිපත් කිරීම, ප්‍රශස්ත ලෙස මුද්‍රණය කරගැනීම සහ නිරවද්‍ය ලෙස පුදර්ශණය කිරීම
  • සන්නිවේදනාත්මක ඡායාරූපකරණය ගැන වෘත්තීයමය නිපුණතා සහිත අචාර්ය මඩුල්ලකගෙන් ලැබෙන පුහුණුව

පාඨමාලා කාලය

  • සැසිවාර 18 
  •  පැය 2 x 18  (පැය 36ක පුහුණුව සහ අධ්‍යයනය)
  • ක්‍ෂේත්‍ර සැසිවාර 4යි

පාඨමාලාව පිලිබඳ විස්තරය

  • බහුමාධ්‍ය අන්තර්ක්‍රියාකාරී අධ්‍යාපනය
  • සක්‍රීය හා ප්‍රායෝගික ක්‍රියාකාරකම්
  • පාඨමාලාව අවසානයේ ශිෂ්‍යයාගේ හෝ ශිෂ්‍යාවගේ හොඳම ඡායාරූප 5ක් ඇගයීම
  • 85% කට වඩා වැඩි සහභාගීත්වයක් තහවුරු කරන ශිෂ්‍යයින්ට පමණක් පාඨමාලාව අවසානයේ සහභාගීත්ව සහතිකයක්

ඉලක්ක සිසුන්

  • වඩාත් හොඳ ඡායාරූප ගැනීමට උත්සුක වන සියල්ලන්ටම

2016 කාල සටහන

ස්ථානය

  • රාජකීය විද්‍යාලයීය නිපුනතා සංවර්ධන මධ්‍යස්ථානය - රාජකීය මාවත - කොළඹ 07

අවශ්‍ය උපකරණ

  • කාච විවරය, ද්වාර වේගය සහ ISO අගය වෙනස් කල හැකි කැමරාවක්
  • Adobe Lightroom ස්ථාපනය කරන ලද පරිගණකයක්
  • ආලෝකකරණය පිළිබඳ පාඩම් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනිම සඳහා විද්‍යුත් ක්‍ෂණිකාලෝකයක් හෝ නිරන්තර ආලෝක ප්‍රභවයක් තීබීම ප්‍රයෝජනවත් වේ

රූප හරහා සන්නිවේදනය

  • හොඳ ඡායාරූපයක් යනු කුමක්ද
  • හොඳ ඡායාරූපයක සංඝටක

සංවේදක හා පටල

  • සංවේදක හා පටල වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම

කැමරාව

  • කැමරාවේ කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය
  • කැමරාව නිරවද්‍ය ලෙස සහ ඵලදායී ලෙස භාවිතය
  • කැමරා උපකරණ නඩත්තුව සහ ගබඩා කිරීම

කාච

  • කාච වර්ග
  • ක්‍ෂේත්‍ර ගැඹුර
  • කාච භාවිතය
  • අවශ්‍යතාවය අනුව කාච තෝරා ගැනීම
  • විශේෂ කාච වර්ග
  • කාච නඩත්තුව සහ ගබඩා කිරීම

අනාවරණය

  • අනාවරණයේ සෛද්ධාන්තික පදනම
  • නිවැරදි අනාවරණය
  • අනාවරණ පාලනය
  • ආලෝකය මැනීම කැමරාවේ ආලෝක මානකය අවබෝධ කරගැනීම

වස්තු සංරචනය

  • රූපයක් සිත්ගන්නාසුලු වන්නේ කුමක් නිසාද
  • වස්තු සංරචනය පිලිබඳ රීති සහ ඒවායේ විද්‍යාත්මක පදනම
  • සම්ප්‍රධායන්
  • වස්තු සංරචනය පිළිබඳ අභ්‍යාස

පසුසැකසුම/ පරිගණක සහ ඡායාරූපකරණය

  • පසු සැකසුම පිළිබඳ සිද්ධාන්ත
  • Adobe Lightroom භාවිතයෙන් පසු සැකැසුම
  • ඡායාරූප/ දත්ත ආරක්ෂාකාරීව ගබඩා කිරීම

ආලෝකකරණය

  • ආලොකකරණයේ සිද්ධාන්ත ආලෝකකරණ විධි ක්‍රම
  • විවිධ වස්තූන් ගැලපෙන පරිදි ආලෝකමත් කිරීම
  • ක්‍ෂණිකාලෝක භාවිතය
  • ස්වාභාවික ආලොකය භාවිතය හා උපාංග භාවිතයෙන් අවශ්‍ය පරිදි වෙනස් කිරීම

වර්ණ කළමනාකරණය

  • වර්ණෝත්පාදනයේ පදනම
  • වර්ණ කළමනාකරණයේ වැදගත්කම
  • පරිගණක තිරය ක්‍රමාංකනය කිරීම
  • මුද්‍රණයේදී සංගත වර්ණ ලබාගැනීමට භාවිතා කළයුතු විධික්‍රම
  • වර්ණ රසායනාගාර වලින් සෑහිමකට පත්විය හැකි මට්ටමේ මුද්‍රිත ඡායාරූපයක් ලබාගැනීමට අනුගමනය කල යුතු විධික්‍රම

රූප නිමැවුම

  • විවිධ මාධ්‍ය උදෙසා රූප නිමැවුම
  • මුද්‍රිත ඡායාරූප ප්‍රදර්ශණය
  • ප්‍රශස්ත සන්නිවේදනයක් උදෙසා ප්‍රදර්ශණ වට පිටාව

අධ්‍යාපන සුදුසුකම්

  • අදාල නැත

පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම

  • IME මගින් පවත්වන අනිකුත් සියළු පාඨමාලා වලදී මෙන්ම පන්ති කාමරයේ ගත කරන සෑම පැයක් වෙනුවෙන්ම තමා තනිවම පැය 2/ 2.5 කාලයක් වැය කල යුතුය
  • පාඨමාලාවෙන් උපරිප ප්‍රයොජනය ලබාගැනීම සඳහා සෑම පන්ති වාරයකටම සහභාගි වීම වැදගත්වේ
  • සහභාගිත්ව සහතිකය පිරිනමන්නේ 85% වඩා සහභාගීත්වය ඇති සිසුන්ට පමණි

බඳවාගැනීම් ක්‍රමවේදය

  • එක් කන්ඩායමකට බඳවාගන්නේ  සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි
  • සිසුන් අයදුම්කරන පිලිවෙල අනුව ප්‍රමුඛතාවය තීරණය කරනු ලැබේ
  • සිසුන් විසින් පාඨමාලා ගාස්තුව ගෙවා තම ස්ථානය වෙන්කරවා ගත යුතුය

ගෙවීම්

පාඨමාලා ගාස්තුව:  රු 30,000.00 (Rupees Thirty Thousand)

5% ක වට්ටම

  • පාඨමාලාව ඇරඹීමට සති දෙකකට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවන සිසුන්ට 5% වට්මක් පිරිනැමේ

පහසු ගෙවීමේ ක්‍රමය

  • රුපියල් 15,000 බැගින් වාරික දෙකකින් ගෙවිය හැක
  • දෙවන වාරිකය 7 වන සතිය ආරම්භයට පෙර ගෙවිය යුතුය (ප්‍රමාද ගාස්තු අය කරණු ලැබේ)

ගෙවීමේ ක්‍රම

  • ගාස්තු  IME ආයතනයේ බැංකු ගිණුමට බැර කල යුතුය
  • ගාස්තු ගෙවීමට පෙර ලියාපදිංචි අංකයක් ලබාගත යුතුය
  • ලියාපදිංචි අංකය බැංකු බැරපතේ පැහැදිලිව සඳහන් කල යුතුය
  • ලියාපදිංචි අංකය. පහත දුරකථන අංක අමතා හො විද්‍යුත් තැපෑල මගින් ලබාගත හැක

දුරකථන අංක

  • 011 309 4300

  • 077 415 1065
  • 071 274 5005
  • 077 762 5140