ඡායාරූපකරණය පිලිබඳ උසස් සහතික පත්‍ර පාඨමාලාව

හැඳින්වීම

  • ඔබගේ ඡායාරූපකරණයට සවිමත් සහ විද්‍යාත්මක පදනමක්
  • නිවැරදි දැනුම සහ විද්‍යාත්මක පදනමක් හරහා සැබෑ ශිල්පීය නිපුනතාවට එළඹුමක්
  • ඔබ නවකයෙක් නම් අපි ඔබට සවිමත් පදනමක් තනා දෙන්නෙමු ඔබට යම් පළපුරුද්දක් ඇත්නම් අපි ඔබගේ සදොස් පුරුදු නිවැරදි කර ඔබගේ පදනම සවිමත් කරන්නෙමු
  • මේ සියලු ඔබට ගෙන එම සඳහා ශ්‍රී ලංකාවේ හොඳම ආචාර්ය මණ්ඩලය අප සතුය

පාඨමාලා කාලය

  • සැසිවාර 20
  • පැය 2  x සැසිවාර 20  (පැය 40ක් මුළුල්ලේ දේශන සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම්)
  • ක්‍ෂේත්‍ර සැසිවාර 3 යි
  • පැවරුම් සහ අපේක්ෂිත නිපුණතා නිර්දේශ සඳහා මෙම පිටුවට පිවිසෙන්න

පාඨමාලාව පිලිබඳ විස්තර

  • ශිල්පයේ සියලු අංශ පිලිබඳ ප්‍රයෝගික පුහුණුව
  • දැනුම සහ ශක්‍යතා ක්‍රමානුකූලව ගොඩනැගීම සඳහා විද්‍යාත්මක ඉගැන්වීම
  • ආලෝකකරණය සහ ආලේක්‍ය ඡායාරූපකරණය ගැන දීර්ඝකරන ලද සැසිවාර
  • ක්‍ෂේත්‍ර සැසිවාර තුනක්
  • IME ආචාර්ය මණ්ඩලය සමග අමතර ක්‍ෂේත්‍ර චාරිකාවක් (මෙය පාඨමාලා ගාස්තුවට ඇතුලත් නැත)
  • බහුමාද්‍ය අන්තර්ක්‍රියාකාරී පන්ති
  • ඡායාරූප දහයක පත්දරුවක් පාඨමාලාව  අවසානයේ ඉදිරිපත්කල යුතුය
  • 85% කට වඩා සහභාගිත්වයක් ඇති සිසුනට, සහභාගිත්ව සහතිකයක්
  • ඡායාරූපකරණය පිලිබඳ උසස් සහතික පත්‍රය පත්දරුව (Portfolio) මත පදනම් වූ සම්මුඛ සාකච්ඡාව සමත්වන සිසුන්ට පිරිනැමේ (85% පැමිණීම මේ සඳහා අනීවාර්ය වේ)

ඉලක්ක සිසුන්

  • ඡායාරූප ශිල්පය ශක්තිමත් පදනමක් මත ආරම්භ කිරීමට බලපොරොත්තු වන ඕනෑම කෙනෙකුට
  • තමාගේ දැනුම විධිමත් ලෙස සකසා ගැනීමට කැමති පළපුරුදු ඡායාරූප ශිල්පීන්ට

කාල සටහන

අවශ්‍ය උපකරණ

  • කාච විවරය, ද්වාර වේගය සහ ISO අගය වෙනස් කල හැකි කැමරාවක්
  • Adobe Lightroom සහ Photoshop ස්ථාපනය කාරන ලද පරිඝණකයක්
  • ආලෝකකරණය පිළිබඳ පාඩම් වලින් උපරිම ප්‍රයෝජනය ලබාගැනිම සඳහා විද්‍යුත් ක්‍ෂණිකාලෝකයක් හෝ නිරන්තර ආලෝක ප්‍රභවයක් තීබීම ප්‍රයෝජනවත් වේ

රූප හරහා සන්නිවේදනය

  • හොඳ ඡායාරූපයක් යනු කුමක්ද
  • හොඳ ඡායාරූපයක සංඝටක

සංවේදක හා පටල

  • සංවේදක හා පටල වල ක්‍රියාකාරීත්වය අවබෝධ කර ගැනීම

කැමරාව

  • කැමරාවේ කොටස් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය
  • කැමරාව නිරවද්‍ය ලෙස සහ ඵලදායී ලෙස භාවිතය
  • කැමරා උපකරණ නඩත්තුව සහ ගබඩා කිරීම

කාච

  • කාච වර්ග
  • ක්‍ෂේත්‍ර ගැඹුර
  • කාච භාවිතය
  • අවශ්‍යතාවය අනුව කාච තෝරා ගැනීම
  • විශේෂ කාච වර්ග
  • කාච නඩත්තුව සහ ගබඩා කිරීම

අනාවරණය

  • අනාවරණයේ සෛද්ධාන්තික පදනම
  • නිවැරදි අනාවරණය
  • අනාවරණ පාලනය
  • ආලෝකය මැනීම කැමරාවේ ආලෝක මානකය අවබෝධ කරගැනීම
  • නිර්මාණාත්මක ලෙස අනාවරණය පාලනය

වස්තු සංරචනය

  • රූපයක් සිත්ගන්නාසුලු වන්නේ කුමක් නිසාද
  • වස්තු සංරචනය පිලිබඳ රීති සහ ඒවායේ විද්‍යාත්මක පදනම
  • සම්ප්‍රධායන්
  • වස්තු සංරචනය පිළිබඳ අභ්‍යාස

පසුසැකසුම/ පරිගණක සහ ඡායාරූපකරණය

  • පසු සැකසුම පිළිබඳ සිද්ධාන්ත
  • Adobe Lightroom භාවිතයෙන් පසු සැකැසුම
  • ඡායාරූප/ දත්ත ආරක්ෂාකාරීව ගබඩා කිරීම
  • Photoshop භාවිතයෙන් පසු සැකසුම

ආලෝකකරණය

  • ආලොකකරණයේ සිද්ධාන්ත
  • ආලෝකකරණ විධි ක්‍රම
  • විවිධ වස්තූන් ගැලපෙන පරිදි ආලෝකමත් කිරීම
  • ක්‍ෂණිකාලෝක භාවිතය
  • ස්වාභාවික ආලොකය භාවිතය හා උපාංග භාවිතයෙන් අවශ්‍ය පරිදි වෙනස් කිරීම
  • ආලේක්‍ය ආලෝකකරණය

වර්ණ කළමනාකරණය

  • වර්ණෝත්පාදනයේ පදනම
  • වර්ණ කළමනාකරණයේ වැදගත්කම
  • පරිගණක තිරය ක්‍රමාංකනය කිරීම
  • මුද්‍රණයේදී සංගත වර්ණ ලබාගැනීමට භාවිතා කළයුතු විධික්‍රම
  • වර්ණ රසායනාගාර වලින් සෑහිමකට පත්විය හැකි මට්ටමේ මුද්‍රිත ඡායාරූපයක් ලබාගැනීමට අනුගමනය කල යුතු විධික්‍රම

රූප නිමැවුම

  • විවිධ මාධ්‍ය උදෙසා රූප නිමැවුම
  • මුද්‍රිත ඡායාරූප ප්‍රදර්ශණය
  • ප්‍රශස්ත සන්නිවේදනයක් උදෙසා ප්‍රදර්ශණ වට පිටාව

ප්‍රායෝගික ක්‍ෂේත්‍ර අභ්‍යාස 

 

  • සෛධාන්තික දැනුම ක්‍ෂේත්‍රයේදී ප්‍රායෝගිකව භාවිතා කිරීම
  • ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය ශිල්පීන් සමග අභ්‍යාසයේ යෙදීමට අවස්ථාව

 

අධ්‍යාපන සුදුසුකම්

  • අදාල නැත

පාඨමාලාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගැනීම

  • IME මගින් පවත්වන අනිකුත් සියළු පාඨමාලා වලදී මෙන්ම පන්ති කාමරයේ ගත කරන සෑම පැයක් වෙනුවෙන්ම තමා තනිවම පැය 2/ 2.5 කාලයක් වැය කල යුතුය
  • පාඨමාලාවෙන් උපරිප ප්‍රයොජනය ලබාගැනීම සඳහා සෑම පන්ති වාරයකටම සහභාගි වීම වැදගත්වේ
  • සහභාගිත්ව සහතිකය පිරිනමන්නේ 85% වඩා සහභාගීත්වය ඇති සිසුන්ට පමණි

බඳවාගැනීම් ක්‍රමවේදය

  • එක් කන්ඩායමකට බඳවාගන්නේ  සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණි
  • සිසුන් අයදුම්කරන පිලිවෙල අනුව ප්‍රමුඛතාවය තීරණය කරනු ලැබේ
  • සිසුන් විසින් පාඨමාලා ගාස්තුව ගෙවා තම ස්ථානය වෙන්කරවා ගත යුතුය

ගෙවීම්

පාඨමාලා ගාස්තුව:  රු 36,000.00

5% ක වට්ටම

  • පාඨමාලාව ඇරඹීමට සති දෙකකට පෙර සම්පූර්ණ පාඨමාලා ගාස්තුව ගෙවන සිසුන්ට 5% වට්මක් පිරිනැමේ
  • වට්ටමෙන් පසු ගාස්තුව රුපියල් 34,200

පහසු ගෙවීමේ ක්‍රමය 01

  • රුපියල් 18,000 බැගින් වාරික දෙකකින් ගෙවිය හැක
  • දෙවන වාරිකය 09  වන සතිය ආරම්භයට පෙර ගෙවිය යුතුය (ප්‍රමාද ගාස්තු අය කරණු ලැබේ)

පහසු ගෙවීමේ ක්‍රමය 02

  • රුපියල් 12,000 බැගින් වාරික තුනකින් ගෙවිය හැක
  • දෙවන වාරිකය 05  වන සතිය ආරම්භයට පෙර ගෙවිය යුතුය
  • තුන්වන වාරිකය 09  වන සතිය ආරම්භයට පෙර ගෙවිය යුතුය
  • ප්‍රමාද ගාස්තු අය කරණු ලැබේ

ගෙවීමේ ක්‍රම

  • ගාස්තු  IME ආයතනයේ බැංකු ගිණුමට බැර කල යුතුය
  • ගාස්තු ගෙවීමට පෙර ලියාපදිංචි අංකයක් ලබාගත යුතුය
  • ලියාපදිංචි අංකය බැංකු බැරපතේ පැහැදිලිව සඳහන් කල යුතුය
  • ලියාපදිංචි අංකය. පහත දුරකථන අංක අමතා හො විද්‍යුත් තැපෑල මගින් ලබාගත හැක

දුරකථන අංක

  • 011 309 4300

  • 077 415 1065
  • විද්‍යුත් තැපෑල: info@ime.edu.lk
Simple Share Buttons